― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමේ ජාවාරමක්

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමේ ජාවාරමක්

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් එක් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගිනුයි. ලැබුණු තොරතුරකට අනුව ඊයේ දහවල් කළ ආවේක්ෂණ රාජකාරියකින් පසු උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අදාළ උපාය දූතයාට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38000ක මුදලකට අලෙවි කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකය මගින් සැකකරු වත්තල පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම තහනම් උත්තේජක නීති විරෝධීව මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය නිවේදනය කළේ මෙම තහනම් උත්තේජක මගින් ලිංගික බෙලීනතාවය පුරස්ථි ග්‍රන්ථි පිළිකා වකුගඩු සහ වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝගවලට ගොදුරුවිය හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙන්වාදී ඇති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් ජාඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.