― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsදැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නැයි උපදෙස්

දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නැයි උපදෙස්

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කරගැනීම වඩාත් වැදගත් බවත් අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසයි.

එමෙන්ම ඇය අවදාරණය කළේ හිරුඑළිය තදින්ම වැටීම හරහා පිළිකා කාරක තත්ත්වයක්ද ඇති වීමේ අවදානමක් පවතින බවයි.

මේ දිනවල තියෙන දැඩි හිරු රශ්මියත් එක්ක ඔබේ සම ආරක්ෂා කර ගැනීම වැදගත්. අව්ව නිසා සමට ඇති වෙන බලපෑම විවිධාකාර වෙනවා. මෙහිදී දැඩි හිරු රශ්මියක් තියෙන අවස්ථාවලදී උදේ 10 – 2 වගේ කාලයේ එළිමහනට නොයා ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් ඔබට එහෙම යන්න අවශ්‍ය නම් ඔබ හිරු එළියෙන් පරිස්සම් වීම වැදගත් වෙනවා. මේ සඳහා හිස් වැස්මක්, කුඩයක් භාවිත කිරීම වගේම සමට සන් ක්‍රීම් භාවිත කිරීම වැදගත්.

හිරු එළිය නිසා සමට කෙටි කාලීන සම දුර්වරණ වීමක් ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව හිරු එළියට නිරාවරණය වෙද්දි සම ඉක්මනින් වියපත් වෙනවා. හිරු එළියේ තියෙන පාරජම්බුල කිරණවලින් සම වයසට යෑමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කරනවා. දිගින් දිගටම හිරු එළියට නිරාවරණය වීමේ දී සුදුපාට අයට සමේ පිළිකා ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා.