දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පවතින වියළි කාලගුණයත් සමග මෙම පියවර ගැනීමට සිදු වූ බවයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි පැවසුවේ.
ඒ අනුව මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවත් කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීමද සීමා කිරීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.