― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෙරපාසල් 20,000ට පුහුණු ගුරුවරුන් 7000යි

පෙරපාසල් 20,000ට පුහුණු ගුරුවරුන් 7000යි

කාණ්ඩ 05ක් යටතේ රටපුරා පෙර පාසල් විසිදහසක් තිබෙන බවත් ඒවායෙහි ගුරුවරුන් ලෙස හතළිස් දහසක් පමණ දෙනා සිටියත් පුහුණු පෙර පාසල් ගුරුවරුන් ලෙස සිටින්නේ 7000 ක් පමණ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (16) පැවසීය.

මේ නිසා ලබන සතියේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන අංශය මගින් සියලු පෙර පාසල් අධීක්ෂණය කර ඒවාට පොදු අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීවේය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් (UNICEF) ආයතනය එක්ව කොළඹදී සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර, ස්වේච්ඡා සංවිධාන, පළාත් සභා, පළාත් පාලන සහ තමා විසින්ම යන කාණ්ඩ යටතේ පෙර පාසල් පවත්වාගෙන යන බවත් ඒවා පස්ආකාරයකට අධීක්ෂණය කළ යුතු බවත් ඔහු කීය.

යුනිසෙෆ් සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයක් අනුව දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමයින්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම හා සාක්ෂරතාවය අවම මට්ටමකට හෝ ලබා නැති බව වාර්තා කර ඇති බවත් එය කොවිඩ් අර්බුදය හේතුවෙන් පමණක් නොව පුහුණු ගුරුවරුන් නොමැතිවීම නිසාද වූවක් බවත් ඇමැතිවරයා කීය.

2018, 19, 20, 21 වර්ෂවල ගුරුවරුන් ලෙස බඳවා ගත් ගුරුවරුන් ප්‍රාථමික ගුරු පුහුණුවකින් තොරව ප්‍රාථමික ශ්‍රේණිවලට අනුයුක්ත කිරීම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද කී ඇමැතිවරයා ඔවුන්ට ක්‍රමවත් පුහුණුවක් ලබානොදුනහොත් ඉදිරියට මේ තත්ත්වයම පවතින බවත් කීය. එම නිසා එම පිරිස්වලට නිසි පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බවත් කීය.