― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික දැනුම

පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික දැනුම

පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට ලිංගික දැනුම ලබා දීම සඳහා පොත් දාහතරක් මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර වෛද්‍යවරු, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වනු ලබයි.

ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් ඒවා වන අතර මෙම පොත් ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙනි.

සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් එම සංසදයේ සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න පැවසුවාය.