26.7 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවූ අයට දැඩි දඬුවම්

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවූ අයට දැඩි දඬුවම්

මධ්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තා වන සිදුවීම්වලට අදාළ පාර්ශවවලට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

සියලුම මධ්‍යසාර නිෂ්පාදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇති අතර වරද නිලධාරීන්ගේ නම් ඔවුන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ අද (17) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.