26.1 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසර්පයෙක් දෂ්ඨ කිරීමෙන් මල් කැකුළක් ජීවිතක්ෂයට

සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් මල් කැකුළක් ජීවිතක්ෂයට

සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් කිළිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ බිළිඳෙක් ඊයේ (16) ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස හතක් වයස තනුජන් ජැස්මින් නමැති දරුවෙක් බවයි.

මෙම දරුවා රාත්‍රී කාලයේදී නිවසේ නිදාගෙන සිටියදීයි සර්පයා දෂ්ඨ කර ඇත්තේ.

කෙසේඅනමුත් දරුවා ධර්මපුරම් රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට දරුවාව මාරු කර යවා තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දරුවාගේ දේහය ඥාතීන් වෙත බාර දී ඇත.