26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියන්ගෙන් පෞද්ගලික තොරතුරු ඉල්ලූ පෝරමය ගැන විමර්ශන

සිසුවියන්ගෙන් පෞද්ගලික තොරතුරු ඉල්ලූ පෝරමය ගැන විමර්ශන

සරසවි ආචාර්යවරියන්ගේ සහ සිසුවියන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් දෙන ලෙසයි අධිකරණය ඊයේ (16) ගූගල් සමාගමට නියෝග කළේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් හා ආකල්ප පිළිබඳ තොරතුරු ගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු ගැනීම සඳහා ගූගල් පෝරමයක් අන්තර්ජලය හරහා හුවමාරු වන බව සඳහන් කරමිනුයි ඇය පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

එම ගූගල් පෝරමයට අනුව විශ්වවිද්‍යාල සිසුවියන් සහ ආචාර්යවරියන් විශාල පිරිසක් සිය අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමෙන් තොරතුරු ගෙන ඉදිරි විමර්ශන කරනු ලබයි.