29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඌව වෙල්ලස්ස සරසවිය යළි ඇරඹේ

ඌව වෙල්ලස්ස සරසවිය යළි ඇරඹේ

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 21 වැනිදා යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසයි.

ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වැනිදා වනවිට සිය නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසයි උප කුලපතිවරයා දැනුම් දෙන්නේ.

මේ වන විට දින නියමයක් නොමැතිව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සියලුම පීඨ දැනට වසා දමා තිබේ.

උප කුලපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වැනිදා යළි ආරම්භ කරන බවත් එම දෙවන වසරේ සියලුම පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 වැනිදා සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බවත්ය.