27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජයිකා නියෝජිතයින් හා විදුලිබල ඇමති අතර හමුවක්

ජයිකා නියෝජිතයින් හා විදුලිබල ඇමති අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡාවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙරට විදුලි බල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුල ස්ථාපිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මුල්‍ය ප්‍රධානයක් සිදුකර ඇති අතර විදු ලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන් ද ලබාදීම සිදු කරන බව ඔවුන් දැනුම්දී තිබෙනවා.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මෙරටට ලබාදෙන මූල්‍ය ප්‍රදානයන් සහ අනෙකුත් සහය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ස්තූතිය ද පළ කළා.