31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජලය සිඳී ගිය වැවෙන් මතු වූ බෝම්බය

ජලය සිඳී ගිය වැවෙන් මතු වූ බෝම්බය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව පොලිස් වසමේ කුමාරඑළිය ගම්මානයෙහි වැවෙහි ජලය සිදී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව තලාව පොලීසිය පවසයි.

තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි කුමාරඑළිය ගම්මානයෙහි වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක, එම වැව අසල වෙළඳසැලක් පවත්වාගෙන යන විශ්‍රාමික යුධ හමුදා සෙබලකු වන තම පියාට ඒ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පසු තලාව පොලිස් ස්ථානයට දන්වා පොලිස් ස්ථාන නිළධාරීන් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව සපයා ඇත.

මෙය තරමක් පැරණි ජීවඅත්බෝම්බයක් බවට අනුමාන කරන බවත් පොලිස් විශේෂ කාර්යබළකායේ නිළධාරීන්ගේ සහය ඇතිව අත් බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බව තලාව පොලීසිය පවසයි.