25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් සංස්ථාවට බිලියන 84ක ශුද්ධ ලාභයක්

තෙල් සංස්ථාවට බිලියන 84ක ශුද්ධ ලාභයක්

මේ වසරේ පළමු මාස 06 තුළදී තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 84ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇති බව ඉන්ධන, විදුලිය, වරයා සමගි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එමෙන්ම එම මාස 06ක කාලය තුළදී තෙල් සංස්ථාව විසින් රජයට රුපියල් බිලියන 105ක බදු මුදලක් ලබාදී ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත වැඩිදුරටත් කියා සිටියේ මේ නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 50ක මුදලක් අඩු කිරීමට හැකියාව ඇති බවත් ඩීසල් මිල අඩු කළහොත් විදුලි බිල, ජල බිල, බස් ගාස්තු සැලකිය යුතු මුදලකින් අඩු කළ හැකි බවත්ය.

මේ හරහා ජනතාවට විශාල වාසි ප්‍රමාණයක් අත්වන බවයි ඔහු අවදාරණය කළේ.