27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල් සොරකමේ ගිය හමුදා සෙබළෙක් අත්අඩංගුවට

පොල් සොරකමේ ගිය හමුදා සෙබළෙක් අත්අඩංගුවට

මාදම්පේ, රත්මල්ගාර රජයේ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වූ යුද හමුදා සෙබළෙක්, වතු මුරකරුවන් සහ පාලනාධිකාරිය එක්ව අල්ලාගෙන අද (18) අලුයම මාදම්පේ පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලීසියට භාර දී ඇත්තේ මුරුංකන්, ජීවනගර් හි පිහිටි 08 වන විජයබා පාබල රේජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරක් ලෙස රාජකාරී කළ හමුදා සෙබළෙක්.

මොහු මාදම්පේ, පනිරේන්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම හමුදා සෙබළා පසුගිය 14 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර රත්මල්ගාර රජයෙ වතුයායෙන් පොල් සොරකමේ නිරතවන අවස්ථාවේ දී වතු අධිකාරිවරයා සහ මුරකරුවන් එක්ව ඔහුව අල්ලාගෙන තිබෙනවා.

එලෙස සැකකරු අල්ලාගත් අවස්ථාවේ දී ඔහු විසින් රැගෙන යෑමට එකතු කර තිබූ පොල් ගෙඩි 182ක් ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

අනතුරුව සැකකරු මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර ඔහු අද (18) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවට අනාවරණය වීමත් සමඟ එහි පාලනාධිකාරිය සහ මුරකරුවන් නිරන්තර සෝදිසියෙන් සිටීමටයි කටයුතු කර ඇත්තේ.