26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරයෙක් නිසා කුරුන්දි විහාරයේ උණුසුම් තත්ත්වයක්

මන්ත්‍රීවරයෙක් නිසා කුරුන්දි විහාරයේ උණුසුම් තත්ත්වයක්

මුලතිව් – කුරුන්දි විහාරස්ථානයේ අද (18) දින පොංගල් පූජාවක් පැවත්වීමට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ඊට ඇතුළු වී තිබෙනවා.

ඒ සමඟ කුරුන්දි විහාරයේ දායකයින් සහ එම පිරිස අතර, උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට ද මැදිහත් වීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කුරුන්දි විහාර භූමියේ පොංගල් පූජාවක් පැවත්වීමට පැමිණි තිබෙනවා.

එම අවස්ථාවේ දී විහාරයේ දායකයින් ඊට විරෝධය පෑමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොංගල් පූජාව පැවැත්වීමට අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා සිදුනොකරන ලෙසට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැණ වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්ත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පූජාව පවත්වා විසිර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ අධිකරණ තීන්දුවලට එරෙහිව කුරුන්දි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් භියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි සඳහන් කර ඇත්තේ.