29 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරතුපස්වල වින්දිතයන් වෙනුවෙන් රජය පෙනී සිටිනවා - ආශු

රතුපස්වල වින්දිතයන් වෙනුවෙන් රජය පෙනී සිටිනවා – ආශු

රතුපස්වල සිද්ධියට අදාළ වන්දි මුදල් වින්දිත ජනතාවට හිමි විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් රජයේ හමුදාව කැඳවා වෙඩි තැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවත් ඒ අනුව එම වන්දිය රජය මගින් නොව අදාළ ආයතනය ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

මෙම සිදුවීම රජය දැඩි ලෙස හෙළා දකින බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ වෙඩි වැදී වින්දිතයන් වූ ජනතාව වෙනුවෙන් රජය සෑම විටම පෙනී සිටින බවත්ය.