26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුව තිබෙනවා -...

වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුව තිබෙනවා – කෘෂිකර්ම ඇමති

මෙතෙක් මෙරට ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (17) ගාල්ලේ පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර 2023 යල කන්නයේ අද (18) වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අමාත්යවරයා වෙත ලබා දී තිබේ.ඒ අනුව ගත වූ පැය විසිහතර තුළ වී, මිරිස්, බඩඉරිගු, ලොකු ලූණු හා අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය හා වනඅලි නිසා සිදුව ඇති බව වාර්තා කර තිබේ.කෙසේ වුව ද අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්යාව 40,527 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වැඩිම වගාහානි ප්රමාණය කුරුණෑගල ප්රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 කි. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙනි. එය අක්කර 14,667.75කි.මේ අතර වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එය 27,340කි. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්රමාණය 5867කි.