― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsහෝමාගම කර්මාන්තපුරයේ හදිසි ගින්නක්

හෝමාගම කර්මාන්තපුරයේ හදිසි ගින්නක්

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රීයේ හදිසි ගින්නක් හට ගත්තා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කටයුතු කළ අතර මේ වනවිට එය පාලනය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම මෙම ගින්න පාලනයට හෝමාගම- පනාගොඩ යුද හමුදා කඳවුරේ හමුදා භටයින්ගේ ද සහාය හිමිව තිබුණා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 07ක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.මේ අතර ගින්න ඇති වූ ප්‍රදේශයට ඇතුළුවීමට මේ වනවිට ප්‍රදේශවාසීන්ට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රසායනික ගබඩාවක ඇති වූ මෙම ගින්න හේතුවෙන් හෝමාගම සහ ඒ අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඊයේ රාත්‍රියේ ම විශේෂ දැනුම්දීමක් කළා.

මෙම ගින්නත් සමඟ ඇතිවිය හැකි ශ්වසන ආබාධයන් අවම කරගැනීම සඳහා මෙම පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එම ප්‍රදේශවල ළිං වසා තබන ලෙසට ද උපදෙස් ලබා දී තිබුණා.