27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLPL තරගාවලියෙන් 'ලිට්ල් හාර්ට්ස්' අරමුදලට මිලියන 100ක්

LPL තරගාවලියෙන් ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදලට මිලියන 100ක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා රුපියල් මිලියන 100ක් ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙත ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී එම මිදල් ලිට්ල් හාට්ස් අරමුදල වෙත පිරිනමන බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර තරගාවලියේදී එල්ල වන සෑම හයේ පහරක් සඳහාම රුපියල් 6000ක මුදලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000ක මුදලක්ද ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් හිමිවනවා.

එමෙන්ම තරගයකදීම වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට රුපියල් 2000 බැගින් එම අරමුදල පිරි නැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.