30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන්ව සිටි හමුදා සෙබළාගේ සිරුර ඇළකින් හමුවෙයි

අතුරුදන්ව සිටි හමුදා සෙබළාගේ සිරුර ඇළකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි හමුදා සෙබළෙකුගේ මළ සිරුර ඊයේ (20) අම්පේගම, ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබී සොයාගෙන තිබෙනවා.

බද්දේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා පසුගිය 05 වනදා නිවසට පැමිණ ඇති අතර ඔහුට යළි සේවයට වාර්තා කිරීමට තිබී ඇත්තේ පසුගිය 14 වනදායි. කෙසේවෙතත් ඔහු එදින නිවසින් බැහැරට ගොස් ඇති අතර සිය ජංගම දුරකථනය ද නිවසේ දමා මොහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නිවසින් පිටව ගොස් ඇති හමුදා සෙබළා එදින යළි නිවසට පැමිණ නොමැති අතර ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ පසුදින (15) පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව අතුරුදන් වූ සෙබළා සොයා පොලිස් විමර්ශන ආරම්භ තිබේ. අතුරුදන් වී දින 06කට පසු ඔහුගේ සිරුර ඊයේ (20) සවස මෙලෙස සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දිසාන් ප්‍රදීප් විතානාරච්චි නැමැති තිදරු පියෙක්. මොහු මඩකලපුව 11 වන සිංහ රෙජිමේන්තු ඒකකයට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.