― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋප්පැන්න, විවාහ සහ මරණ ලේඛන ගැන තීරණයක්

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන ගැන තීරණයක්

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව මීට පෙර ඒවා මාස හයකට වලංගු වන බවට පැවති රෙගුලාසි අහෝසි කර ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙලෙස නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් ඇත් නම් නැවත නව පිටපතක් ලබාගැනීමට වශ්‍යතාවක් නොමැති බවයි දන්වා සිටින්නේ.

කෙසේ වෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ සහ මරණ ලේඛණයක සංශෝධන සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද දැනුම් දෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අධ්‍යාපන, විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.