24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධයක් ගත් පසු කාන්තාවක් මියයාම ගැන විමර්ශන

ඖෂධයක් ගත් පසු කාන්තාවක් මියයාම ගැන විමර්ශන

පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් පසු කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් වන අතර පොලීසිය සඳහන් කළේ ඇය දියවැඩියාව, කොලොස්ටරෝල් හා වකුගඩු රෝග සඳහා ඖෂධ භාවිත කරන කාන්තාවක් බවයි.

ජූලි 31 වැනිදා පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් එම ඖෂධය පසුගිය 10 වැනිදා දක්වා ඇය ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇය ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට මාරුකර යැවූ මෙම කාන්තාව ඊයේ (20) ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.