28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපීඩාවට පත් ජනයාට බවුසර් මගින් ජලය

පීඩාවට පත් ජනයාට බවුසර් මගින් ජලය

වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා ජලය බෙදාහැරීම සඳහා බවුසර් 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පුද්ගලයින් දෙලක්ෂ 2500ක් සඳහා ජලය බෙදාහැරීමට කටයුතු කළ බවයි එහි අධ්‍යක්ෂ මේජර් ජනරල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.

එමෙන්ම ඉල්ලුම් කරන පරිදි රෝහල් හා සමාජ සේවා ආයතනවලට ජලය බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ජල සැපයුමට ද බලපෑම් එල්ල වී ඇති අතර ඒ යටතේ ජල සම්පාදන ක්‍රම 45කට බාධා එල්ල වී ඇති බවයි.