27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹර ප්‍රහාරයෙන් බේරීමට දිවගිය සිසුවා ගලකින් වැටී ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවගිය සිසුවා ගලකින් වැටී ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් සිව්දෙනෙක් ඉන් බේරීමට දිවයාමේදී එක් පුද්ගලයෙක් ගලකින් පහළට ඇදවැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (20) දවස් කාලයේ නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී මොවුන් සිව්දෙනා මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර ඉන් බේරීම සඳහා දිවයාමේදී මෙම සිසුවා ගලකින් පහළට ඇදවැටී තිබේ.

පසුව නුවරඑළිය නගර සභාවේ ගිනි නිවීමේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්ව ඇදවැටී සිටි සිසුවා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල් ගතකළ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදුකිරීමට නියමිතය.