29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරේගු දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

රේගු දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා රේගුව විසින් සිය සමාගම හෝ ඒ ආශ්‍රිත තොරතුරු රට තුළ භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචාවන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා සඳහන් කළේ වංචනිකයින් රේගු දෙපාර්තමේන්තුවේ නිල ලේඛන සහ දුරකථන අංක සහ සමාගම් නිලධාරීන්ගේ නම් වැනි වාර්තා භාවිතා කරන බවයි.

නාඳුනන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වෙත මුදල් මාරු කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාසයකට පැමිණිලි 1000කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් ඇතැමුන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන පසුව ආදරවන්තයකු හෝ ආදරවන්තියක ලෙස පෙනී සිටිමින්, ත්‍යාග හා මුදල් එවන බව පවසා මුදල් වංචා කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙවැනි වංචනිකයින් පිළිබඳව වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස රේගු අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.