― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්‍රණ දෙකක් අලුතින් හඳුන්වා...

ලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්‍රණ දෙකක් අලුතින් හඳුන්වා දෙයි

රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හඳුන්වා දීම අද (21) වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම නව පොහොර මිශ්‍රණ දෙක හඳුන්වා දීම සිදු කෙරුණු අතර, ඊට සමගාමීව පොල්, කුරුඳු ඇතුළු අනෙකුත් වැවිලි බෝග සඳහා අඩු මිලට ලබා ගත හැකි මිශ්‍ර පොහොර වර්ග කීපයක් ද හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වීමට තීරණය කර තිබෙන අතර, ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ගේ ගිණුම්වලටම ලබා දෙන බව සදහන් කළේය.

එමෙන්ම රජය පොහොර සැපයීමේ වගකීමෙන් ඉවත් වුව ද, පුද්ගලික සමාගම්වලට හිතුහිතු හැටියේ පොහොර මිල ඉහළ නැංවීම‍ට ඉඩ නොදෙන බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මඟින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අවම මිලට පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද ගොවීන්ගේ අභිමතය පරිදි රජය ලබාදෙන මුදල්වලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සිදු කළ හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණ අනුව වඩා සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික සහ කාබනික පොහොර යන වර්ග දෙකම දී ඇති නිර්දේශ අනුව භාවිත කළ යුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රජයට අයත් ලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්‍රණ දෙකක් අලුතින් හඳුන්වා දෙයි