27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලොව වේගවත්ම මිනිසා අමෙරිකාවෙන්

ලොව වේගවත්ම මිනිසා අමෙරිකාවෙන්

අමෙරිකානු කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස් ලොව වේගවත්ම මිනිසා බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හංගේරියාවේ පැවති ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි අවසන් තරගය තත්පර 9.83කින් නිම කරමිනුයි ඔහු ලොව වේගවත්ම මිනිසා කිරුළ දිනාගෙන ඇත්තේ.

එම තරගාවලියේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිල් ටොබේගේ හිමි කරගත් අතර තත්පර 9.88කින් ඔහු තරගය නිම කිරීමට සමත් වී තිබේ.

තුන්වන ස්ථානය බ්‍රිතාන්‍ය ක්‍රීඩක සාහේල් හියුස් හිමි කරගෙන ඇති අතර තත්පර 9.88කින් තරගය නිම කිරීමට ඔහු සමත්ව තිබේ.