― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅපි නිධානයක් උඩ ඉඳගෙනත් බංකොලොත් වුණු රටක්

අපි නිධානයක් උඩ ඉඳගෙනත් බංකොලොත් වුණු රටක්

නිධානයක් උඩ ඇවිදිමින් පැමිණි ශ්‍රී ලංකාව පසුගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් වූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ලංකාව රජවරු එකසිය ගණනක්ද, දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බවයි.

කරුණාකර ඇල්කොහොල්වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල්වල කසිප්පු පෙරාගෙන බොන බවයි.