28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා

උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අනාවරණය වී තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසිනුයි මේ බව අනාවරණය කරගෙන ඇත්තේ.

සමාරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ජාතික ගීයේ ‘මාතා’ යන පදය වෙනුවට ‘මහතා’ යැයි ගායනා කළ අතර ඒ පිලිබඳව ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්ද ලබා ගත්තේය.