― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකසළ ගොඩේ තිබූ රන් භාණ්ඩ නැවත හිමිකරුටම දීලා

කසළ ගොඩේ තිබූ රන් භාණ්ඩ නැවත හිමිකරුටම දීලා

කසළ ගොඩක තිබූ පවුම් 08ක රන් භාණ්ඩ සොයා නැවත ඒවායේ අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ කම්කරුවන් පිරිසක් ඊයේ (21) කටයුතු කර තිබෙනවා.

චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු විසින් තම රන් ආභරණ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පරණ රෙදි කැබැල්ලක ගැටගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබෙනවා.

එහිදී කුණු ඉවතට දමන අවස්ථාවේ රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කුණු සමඟ පසුගිය 20 වනදා ඉවත දමා ඇති බවයි වාර්තා වුණේ. අනතරුව රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කසළ සමඟ ඉවත්කර ඇති බව දැනගත් නිවෙස් හිමියා, එදින කසළ රැගෙන යාමට පැමිණි ට්‍රැක්ටරය පිළිබඳව නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

පසුව අදාළ සිද්ධිය පිළිබඳව නගර සභාවේ කම්කරුවන් දැනුවත්කර ඇති අතර අනතුරුව කසළ ගොඩ ගෙනවිත් දැමූ ස්ථානය සෝදිසි කළ කම්කරුවන්ර රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව එය යළිත් එහි හිමිකරුවන්ට ලබාදීමට නගර සභාවේ කම්කරුවන් කටයුතු කර ඇති අතර පවුම් 08ක රන් භාණ්ඩ එහි තිබී ඇති බවයි වාර්තා වුණේ.