27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවගේ කුසගින්න නිවීම මගේ වගකීමක් - නලින්

ජනතාවගේ කුසගින්න නිවීම මගේ වගකීමක් – නලින්

ආනයනය කර හෝ ජනතාවගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තම වගකීම බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍ර බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “මීට වසර ගණනාවකට පෙර ළූණු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ දේශීයව නිෂ්පාදන කෙරුණත්, මේ වන විට 95% ක්ම ආනයනය කෙරෙන බවයි. ඒ අනුව වසරක අවශ්‍යයතාව ළූණු ටොන් ලක්ෂ 3 ක් වුවත් ඉන් දේශීයව නිෂ්පාදනය වන්නේ ටොන් 5000ක් පමණි.”

දේශීය ගොවියා ගොවිතැනින් විතැන් වී ඇති බවත් ඊට කඩිනම් විසදුම් අවැසි බවත් පැවසූ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ නැත්නම් තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි.

රටේ ජනතාවට අවශ්‍ය ආහාර ලබා දී ඔවුන්ගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තම වගකීම බවත් ඊට රටේ දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවේ නම් ආනයනය කර හෝ ජනතාවට ලබා දීමට සිදුවන බවත් ඊට තමාට දෝෂාරෝපණය කළ පලක් නොවන බවත් පැවසීය.