― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කෙරේ

ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සඳහා හදුන්වාදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන ලෙසත් කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කෝවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.කොටුව සහ ඉන් පිටත ස්මාරක තවදුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත් කැනීම් සිදු කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි විවිධ ක්‍රමවේදයන් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.