― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදරුවාගේ ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීමට පැමිණි පියා ජීවිතක්ෂයට

දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීමට පැමිණි පියා ජීවිතක්ෂයට

  • Tags:
  • ~

මහකනදරාව ජලාශයේ දියනෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර , තෙල්දෙණිය ප්‍රදේශයේ අවුරුදු හතළිස් එකක් පමණ වයසති රන්කොත් ගෙදර සුනන්ද නිහාල් ඉරෝෂණ යන පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත භාරයක් සිදුකිරීම සදහා ඥාති පිරිසක් සමග අද (22) උදෑසන අනුරාධපුරයට පැමිණ ඇති අතර නැවත නිවස බලා යන අතර මගදී මිහින්තලයට පැමිණ මහකනදරා වැවේ දිය නෑමට ගොස් තිබේ.

පැමිණ පිරිස සමග දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාට පිහිනීමට හැකියාව තිබෙන බවත් මහකනදරාව ජලාශයේ ඇති ගහකට නැග ඉන් පහළට පැන ඇති අතර නැවත දිය මතුපිටට නෝපැමිනීම නිසා සියලු දෙනා කලබල වූ බවත් ඥාතීන් පවසයි.

පසුව මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් පැයකට පමණ ආසන්න කාලයකට පසුව එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.

එම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම පුද්ගලයා , මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ දැලකට හසුව සිටියදී සොයාගත් බවයි.