― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනීතිවිරෝධී විදෙස්ගත වීම් වළකන්න නව ඒකකයක්  

නීතිවිරෝධී විදෙස්ගත වීම් වළකන්න නව ඒකකයක්  

සංචාරක වීසා යොදා ගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශ ගත වීම් වැලැක්වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය’ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අතින් ඊයේ (21) උදෑසන විවෘත කෙරිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බළකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

මෑත කාලීනව ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සංචාරක වීසා යටතේ ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බැවින් විශාල ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත් ඒවා වැළැක්වීම සදහා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

මෙම නව ඒකකය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවයට අයත් නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ.

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුව සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීෂ්, එහි සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ඒවායේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.