25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණේ කුරුටු ගෑම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

නෙළුම් කුළුණේ කුරුටු ගෑම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් ස්ථානය මේ වන විට නව වෙනසකට ලක් කර තිබෙනවා.

ඒ අනුව කුළුණේ නැරඹුම් ස්ථානයේ සිට අවට පෙනෙන කොළඹ ප්‍රසිද්ධ ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශන කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියේ පිහිටි බිත්තිවලට හානි කිරීම් පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා වූ අතර ඒවා නැවත පිළිසකර කිරීමට විශාල පිරිවැයක් ද දැරීමට සිදුව තිබුණි. මෙම නව වැඩපිළිවෙල යටතේ බිත්තිවලට හානි සිදු කළ නොහැකිවන ආකාරයට පුවරු සවි කර ඇත.

ඒ අනුව නෙළුම් කුළුණේ නිරීක්ෂණ මැදිරියේ හඳුනාගත් අභියෝග මත පදනම්ව, ක්‍රියාකාරී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.