― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeatherපළාත් රැසකට උණුසුම් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

පළාත් රැසකට උණුසුම් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට උණුසුම් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ උෂ්ණත්වය මිනිස් සිරුරට දැනිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව එම ප්‍රදේශවල තාප දර්ශකය සෙල්සියස් 39 – 45ත් අතර අගයක් ගනී.

කෘෂිකාර්මික වැඩකටයුතුවල නියැළෙන පුද්ගලයින්ට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල ප්‍රමාණවත් විවේකයක් ගන්නා ලෙසත් උපදෙස් ලබා දී තිබේ.

නිවෙස්වල සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් කුඩා දරුවන් වාහනවල තනියම දමා නොයන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

අධික වෙහෙසකාරී ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, එළිමහනේ වැඩි වේලාවක් ගත කරන පුද්ගලයින්ට සෙවණ සහිත ස්ථානවල විවේක ගැනීම හා අවශ්‍ය තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.