අද (22) සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව අද දිනයේදී පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියමයන් විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හෙට දිනයේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ශ්රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්රමෝපාය සංවර්ධන පනත යටතේ නියෝග හෙට විවාදයට ගැනීමට නියමිතය.