27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහාචාර්යවරුන් 600ක් රට හැර ගිහින්

මහාචාර්යවරුන් 600ක් රට හැර ගිහින්

පසුගිය මාස 7 තුළ පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් රට හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 11900 ක් සිටිය යුතු වුවත් මේ වනවිට සේවයේ නියුක්තව සිටින්නේ ආචාර්යවරුන් 6000 ටත් අඩු පිරිසක් බවත් ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යෑම සඳහා දැනට සේවයේ නියුතු ආචාර්යවරුන්ට පමණට වඩා වෙහෙසීමට සිදුව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ආචාර්ය මහාචාර්යවරුන්ට ඉතා පහසුවෙන් විදේශ රටවල රැකියා අවස්ථා ලබා ගත හැකි පිරිසක් බවත් අධික බදු බරක් සමග මෙරට තුළ හොඳ ජීවන තත්ත්වයක් ගෙන යාමට අවස්ථාව නොමැති නම් ඔවුන් රට හැර යාම වැළැක්විය නොහැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.