― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීම වැළැක්වීමට ගුවන්තොටුපළේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්

මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීම වැළැක්වීමට ගුවන්තොටුපළේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් පිළිබඳව මූලික හා ද්විතීයික විමර්ශනය සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් (Safe Migration Promotion Unit – SMPU)’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් කිරීම් සහ කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය සහතික කිරීම සඳහා වන නිර්දේශ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි මෙම ඒකකය පිහිටුවා ඇත.

සංචාරක වීසා මගින් විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද මෙම ඒකකය මගින් මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබනවා.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති, මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බලකාය (National Anti-Human Trafficking Task Force – NAHTTF) මගින් මූලිකත්වය දරමින් ක්‍රියාත්මක වන මෙම ඒකකය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (Sri Lanka Bureau of Foreign Employment – SLBFE), ආගමන විගමන දෙපාර්තමේන්තුව (Department of Immigration and Emigration – DIE), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (Criminal Investigation Department – CID), රාජ්‍ය බුද්ධි සේවය (State Intelligence Service – SIS) යන ආයතනයන්ගේ නිළධාරීන්ගෙන් සමන්විත වන අතර මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශාල දායකත්වයක් ලබාදෙනු ලබනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය හා මිනිස් වෙළඳාම වැළැක්වීමට දායක වන ආයතන කිහිපයක එක්ව කටයුතු කිරීම මගින් ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ පැතිකඩයන් ආවරණය කරගැනීමට හැකි වන නිසා මෙහි අරමුණු වඩාත් හොඳින් සාක්ෂාත් කරගැනීමට ඉඩකඩ ලැබෙනවා.

මාස 3ක කාලයක් තුළ සිදුකෙරෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම ඒකකය මගින් ලබාගනු ලබන දෛනික වාර්තා සමාලෝචනය කිරීමෙන් හා මිනිස් වෙළඳාම සම්බන්ධ ලෝකයේ නව ප්‍රවණතා වෙත අවධානය යොමු කිරීම මගින් ලබාගන්නා අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීම වැළැක්වීමේ ඉදිරි පියවරයන් වෙත යොමුවීමට බලාපොරොත්තු වේ.