27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්මලානේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

රත්මලානේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (22) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

රාත්‍රී 9.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරලිය නිවාස, රත්මලාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන සිංහාර අනුර දේශප්‍රිය හෙවත් කලුවා නැමති පුද්ගලක් බවයි වාර්තා වන්නේ.

මොහු වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවය කළ අයෙක් බව සඳහන්.

මෘතදේහය කළුබෝවිල රෝහලට රැගෙන යාමටයි කටයුතු තිබුණේ. වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නැහැ.