27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට බඳවාගැනීම්, ස්ථිර කිරීම් අත්හිටුවයි

ලංවිමට බඳවාගැනීම්, ස්ථිර කිරීම් අත්හිටුවයි

ලංකා විදුලිබල මණ්ඩලයට නව බඳවා ගැනීම් සහ ස්ථිර කිරීම නොකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දන්වා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

පුහුණු විදේශ සංචාර වෙනුවෙන් නිලධාරීන් නම් කිරිම්දී වසර 3 ක් හෝ තව දුරටත් සේවය කළ හැකි නිලධාරීන් නම් කරන ලෙස සහ සංචාරවලින් තොරව එම කටයුතු සඳහා මාර්ගගත ක්‍රමයන් යොදා ගන්නා ලෙස ද අමත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම නව ගොඩනැගිලි සහ කාර්යාල මිලදී ගැනීම හෝ කුලියට ගැනීමද නවතා දමන ලෙස සහ රථවාහන කුලියට ගැනීම් නතර කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමු කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.