26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමේ ආන්දෝලනාත්මක උසස්වීමක් - ඇමති වාර්තාවක් ඉල්ලයි

ලංවිමේ ආන්දෝලනාත්මක උසස්වීමක් – ඇමති වාර්තාවක් ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට විශ්‍රාම යාමට දිනකට පෙර ලබාදී ඇති උසස්වීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට දන්වා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂවරුන් සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම වාර්තාව ඉල්ලා ඇති බව විජේසේකර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කළේය.

2020දී ගෙන 2025 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ලංවිම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට උසස්වීම් සම්බන්ධයෙන් 2020 දී ගෙන ඇති කවුන්සිලයේ යෝජනාව වහා ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවද ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.

විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ, විදුලි උත්පාදන ව්‍යාපෘති, වත්කම් කළමනාකරණය, පරිපාලන හා මෙහෙයුම් වියදම් අඩු කිරීම සහ ලංවිම සම්බන්ධ ගැටලු පිළිබඳව ද සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.