26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 10ක අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

ලක්ෂ 10ක අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 202ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩ – දළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත – උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරින් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකමක රුපියල් ලක්ෂ 10කට වැඩි බවයි ඔවුන් පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය – කොටුවිල, කැළණි නදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු දිප්පිටිගොඩ ‘කල්ප තරංග’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ගෝලයෙකු බවයි.