29.5 C
Colombo
Tuesday, September 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලොව වේගවත්ම කාන්තාව ඇමරිකාවේ ශාකැරී රිචඩ්සන්

ලොව වේගවත්ම කාන්තාව ඇමරිකාවේ ශාකැරී රිචඩ්සන්

ලොව වේගවත්ම කාන්තාව ලෙස අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූරී ශාකැරී රිචඩ්සන් කිරුළු පළඳා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2023 මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගනිමිනුයි ඇය මෙම කිරුළ පළඳා ඇත්තේ.

2023 මළල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හංගේරියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

එහි කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගය ඊයේ (21) රාත්‍රී පැවැත්වූ අතර පසුගිය වර ශූරිය වූ ජමෙයිකාවේ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්, අමෙරිකාවේ ශාකැරී රිචඩ්සන්, ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් වැනි ප්‍රබල ක්‍රීඩිකාවන් එක්වීම හේතුවෙන් මෙම තරගය කාගේත් අවධානය දිනා ගත්හ.

කෙසේනමුත් තියුණු තරගයකින් අනතුරුව, තත්පර 10යි දශම 6යි 5කින් තරගය අවසන් කරමින් ලොව වේගවත්ම කාන්තාව බවට පත්වීමට 23 හැවැරිදි අමෙරිකා කෙටිදුර ධාවන ශූරි ශාකැරී රිචඩ්සන් සමත් විය.