― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවකුගඩු සැත්කමෙන් දරුවෙක් මියයාම ගැන පොලීසියට නියෝගයක්

වකුගඩු සැත්කමෙන් දරුවෙක් මියයාම ගැන පොලීසියට නියෝගයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව තුන් හැවිරිදි දරුවකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නැවතත් බොරැල්ල පොලීසියට නියම කළා.

අදාළ පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාවරිය මෙම නියෝගය කළේ.

මෙහිදී බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ දරුවා සැත්කමට භාජනය කරන අවස්ථාවේ දී ඔහුගේ වකුගඩු පැවැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

ඒ අනුව මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය රන්දුල රණවක සහ මලික් සමරසිංහ යන වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

ඒ අනුව අදාළ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ අප්‍රමාදව සටහන් කරගෙන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙය මරණ පරීක්ෂණයක් බැවින් එය ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවත් අවධාරණය කර සිටියා.

එහිදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණයේ දී නම් සඳහන් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහට සාක්ෂි දීම සඳහා ලබන 31 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළා.