27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිෂ වායුවක් හේතුවෙන් සේවිකාවන් 31ක් රෝහලට

විෂ වායුවක් හේතුවෙන් සේවිකාවන් 31ක් රෝහලට

මත්ස්‍ය අපනයනය කරන කර්මාන්තශාලාවක විෂ වායුවක් කාන්දු වීමෙන් එහි සේවය කරමින් සිටි සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා ලුණුවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මෙමෙ සිදුවීම සිදුව ඇති අතර රෝහල්ගත කළ සේවිකාවන් අතරින් 23 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් සේවිකාවන් 08 දෙනා තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. දංකොටුව, හාල්දඩුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන අපනයනය සඳහා මත්ස්‍යයින් සකස් කරන කර්මාන්තශාලාවේ මාළු ගබඩා කරන ශීතකරණයකින් මෙම විෂ වායුව කාන්දු වන්නට ඇති බවට සැක කෙරෙනවා.