29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුවසැරියේ හෙද සහායකට පහරදුන් මාළු ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

සුවසැරියේ හෙද සහායකට පහරදුන් මාළු ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

සුවසැරිය ගිලන් රථ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

මසුන් මැරීම සදහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධිවරයෙකු පෙරේදා (20) පස්වරුවේ මුහුද මැදදී අසනීපව ඇත. ඒ බව දැනුම් දීමෙන් පසු 1990 සුවසැරිය ඉක්මනින් චීන වරායට ළගාවී තිබේ.

අසනීප ධීවරයා රැගත් යාත්‍රාව ගාල් කරන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් ගාල්කර තිබී ඇති බැවින් ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ප්‍රමාදවී ඇත.

එහිදී ප්‍රමාදවිම සම්බන්දයෙන් ධීවරයින් පිරිසක් සහ ගිලන් රථ සෞඛ්‍ය සේවකයින් අතර වචන හුවමාරුවක් සිදුවීමෙන් පසු ගිලන්‍ රිය පිටව ගොස් තිබේ.

පසුව පෞද්ගලික වාහනයකින් රෝහල් ගතකල ධීවරයා අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන් වේ.

ගිලන් රථය බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල්කර තබන අතර , එදින රාත්‍රියේ ධීවර යාත්‍රා හිමිකරු ගිලන් රථ රියදුරුට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.

හෙද සහායකයාද රෝහල් ගතව සිට ප්‍රතිකාර ලබා බැහැරව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

නොසැලකිලිමත් භාවය සම්බන්දයෙන් ගිලන් රථ රියදුරුට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කීය.

සැකකරු විමර්ශන කටයුතු වලින් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති