25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅරක්කුවල මිල අඩු කරන්නැයි ඩයනා ඉල්ලයි

අරක්කුවල මිල අඩු කරන්නැයි ඩයනා ඉල්ලයි

ඇල්කොහොල්වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමිනි.

රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළාය.

ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බවත් ශ්‍රී ලංකාව නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බවට පත් වූ බවත් ඇය අවධාරණය කළාය.