― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලවතුගොඩ තරුණියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ තරුණියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මාස 5කට පමණ කාලයකට පසු ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ කළ අලවතුගොඩ පොලිසියයි සැකකාර සැමියා අද මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ. මියගිය කාන්තාවගේ සිරුර පසුගිය මාර්තු මස 11 වනදා සොයා ගනු ලැබුවේ ඇයගේ නිවස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදීයි.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදවා පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අදාළ එම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවට අයුතු යෝජනා කළ බවට ද ලැබී තිබූ තොරතුරු ද හේතුවෙන්. මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ මඩ තුළ එරී තිබියදී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියාගේ බවට හෙළි වීමත් සමඟ ඔහු දෙසට ද සැකය යොමු වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළා සැකකරුවෙකු වශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවද විමර්ශන අඛණ්ඩව සිදු කළ පොලිසියට මියගිය කාන්තාවගේ සැමියා මෙම ඝාතනයට සම්බන්ධ බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණා. පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මළ සිරුර හමුවීමට පෙර දින රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බවට පවසා නිවසින් පිටව ගොස් තිබූ බව සඳහන්. පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා. මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.