26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම දීමනා ලබාදීම සිකුරාදා සිට

අස්වැසුම දීමනා ලබාදීම සිකුරාදා සිට

මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2684ක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යවා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ජූලි මාසය සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව සඳහායි මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ලබා දී ඇත්තේ.

පොරොත්තු නාමලේඛනයේ සිටින සියලු දෙනාට අස්වැසුම ය‍ටතේ එම දීමනා ලබාදෙන පසුගියදා ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ අතර ඒ අනුව ජූලි මාසයේ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මගින්ද, ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද ලබන සිකුරාදා සිට ලබා ගත හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.