― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

ඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජන ජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් පවසනවා.

උතුරේ සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ද ලබාදෙන බව යි ඇය ප්‍රකාශ කර ඇත්තේ. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් අද (23) හමු වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා.

පළාතේ වර්තමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාරවරිය විසින් තානාපතිවරිය දැනුවත් කළ අතර එහිදි නැවත පදිංචි කිරීම්, කෘෂිකාර්මික කටයුතු, ධීවර සහ සංචාරක කටයුතු ඇතුළු ජනතාවගේ පොදු යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

යුද්ධය නිමාවීමෙන් පසුව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක වූ වැඩපිළිවෙල පිළිබඳව ආණ්ඩුකාරවරිය විසින් පෙන්වා දුන් අතර මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළේ වර්තමානයේ උතුරු පළාතේ ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම සංවර්ධනය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවයි.

එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දෙවන වරටත් පත්වීම පිළිබඳව තමන් සුභ පතන බව ද ඇමරිකා තානාපතිනිය පී.එස්.එම්. චාල්ස් මහත්මියට ප්‍රකාශ කර තිබෙනවා.